IMF ප්‍රධානියා අද එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 16, 2026

IMF ප්‍රධානියා අද එනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අද (16) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය. මෙම සංචාරය අතරතුර ඇය ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් හමුවී විශේෂ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව පැවැසෙයි. 

මීට අමතරව, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය සහ එහි බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීම ද ඇයගේ සංචාරයේ ප්‍රධාන අරමුණක් බව ද පැවැසෙයි. 

අපදා තත්ත්වයෙන් පසු සිදු කෙරෙන ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය විය හැකි ආකාරය සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මැදිහත් විය හැකි ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතය. 

ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ලබන 18 වැනිදා තෙක් මෙරට රැඳී සිටිනු ඇත.

Classified_Ad